(ප්‍රදීප් කුමාර)
ඒ 09 මාර්ගයේ කිලිනොච්චිය ඉරණමඩු හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
යාපනය දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ
මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ
අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි