(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ගාල්ල කොටුව තුළ අද (02) නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බවලට යොදා ගන්නා යකඩ බෝල 669 ක් සමඟ 32 හැවිරිදි පුද්ලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු පරණ බඩු වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු වාසය කළ නිවසේ තිබී මෙම යකඩ බෝල තොගය සොයාගෙන තිබේ.
ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පසු ගාල්ලේ ආරක්ෂක අංශ දියත් කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම පුද්ගලයා සමඟ 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

