
( සමන් පාලිත නානායක්කාර)
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නිවස තුළදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව රිදී මාලියද්ද පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ නිපුන් සංජුල නැමැති විසි අට හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෙතියාගොඩ රිදී මාලියද්ද ලිපිනයේ පදිංචි වී සිටි අයකු බවද පොලිසිය කියයි.
අංශභාග රෝගී තත්ත්වයෙන් පසුවන බිරිඳ සමඟ අඹු සැමි යුවළක් පමණක් එම නිවසේ එම අවස්ථාවේ සිට ඇති අතර මරණකරු පොල්ලක් ද රැගෙන විත් නිවසේ දොර කඩා බලහත්කාරයෙන් ඇතුල්වී ඇති බවද පොලිසිය කියයි.
සැකකරු නිවස තුළදීම පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරියකු බවද පොලිසිය කියයි. මරණකරු නිවෙස් හිමියාගේ දියණිය සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇතැයිද පොලීසිය කියයි.

