මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හිස්


(ජයන්ත සමරකෝන්)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කොමසාරිස් ජනරාලවරයෙකු පත් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇතැයි වාර්තාවේ.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟම එහි හිටපු කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කිරීමත් සමඟම මෙම පුරප්පාඩුව ඇතිවිය.

දැනට මෙම දෙපාර්තමේන්තුව වැඩ බලන කොමසාරිස් උපාලි ජයසේකර මහතා යටතේ පාලනය වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට ස්ථීර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම වේරහැර රියදුරු බලපත් නිකුත් කරන කාර්යාලයේ පාලන කටයුතුවලට දැඩිව බලපා ඇතැයිද වාර්තාවේ.