
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙමහල් නිවසක බිම් මහලේ දී 50 හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුමුල්ල පහළ ඉදිබැද්ද බැක්වත්ත පදිංචිව සිටි එස්.ඒ ප්‍රජාපාලි සූරියආරච්චි දෙදරු මවකි
ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා ද ඉකුත් ජනවාරි 16 වෙනිදින බන්ධනාගාරය තුළ සිදුවූ පහරදීමකින් මියගොස් තිබිණි
ඝාතනය සිදුකළ පුද්ගලයා මියගිය සැමියාගේ සමීප ඥාතියකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මොරටුමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි

