(ඉන්දික අරුණ කුමාර)
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමේ උපරිමය (මීටර 185) දක්වා පැමීණිම නිසා වාන් දොරටු විවෘත කිරීමේ දී අඹන් ගඟ පහළ ජනතාවට සැලකිළිමත් වන්නැයි වාරි ඉංජිනේරුවෝ පවසති.
ව්ශේෂයෙන් අඹන් ගඟ අසල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු බව මොරගහකන්ද වාරි ඉංජිනේරු කාර්යාලය දන්වයි.
මේ වන විට මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම මීටර් 185 ට ආසන්නයේ පවතියි.
මේ අතර මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා සඳහන් කළේ මේ වන විටත් ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදාගනිමින් ජලාශයේ පහළ ප‍්‍රදේශවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙන බවයි.