ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි ගේ ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට හානි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුගේ උත්සාහය අසාර්ථක වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
වයසක කාන්තාවක් ලෙස වෙස්වලාගෙන රෝද පුටුවක පැමිණි මෙම පුද්ගලයා,රෝද පුටුවෙන් පැන මොනාලිසා සිතුවමේ ආරක්‍ෂිත වීදුරුව බිඳ දැමීමට උත්සහ ගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය පැවසුවේය.
ආරක්‍ෂිත වීදුරුව බිඳ දැමීමට නොහැකි වූ අවස්ථාවේ මෙම පුද්ගලයා ආරක්‍ෂිත වීදුරුව මතුපිට කේක් තවරමින් රෝස මල් සෑම තැනකම විසි කර ඇති අතර එම ස්ථානයට පැමිණි ආරක්ෂයින් ඔහුව රැගෙන ගිය බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.මෙම පුද්ගලයා ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇතැයි කෞතුකාගාර බලධාරීහු ප්‍රකාශ කළහ.ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි විසින් 1503 දී මොනාලිසා චිත‍්‍රය සිතුවම් කළේය. මොනාලිසා චිත‍්‍රය ලොව ප්‍රසිද්ධම සිතුවම ලෙස සැලකේ.
(034)