කේෂර ගුණතිලක
මොනරාගල දිස්ත්‍රික්කයෙන් මාර්තු 11 - 12 දෙදින තුළ කොවිඩ් - 19 රෝගීන් 16 දෙනකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.
මැදගම ගොඩිගමුව ප්‍රදේශයෙන් රෝගීන් එකොළොස් දෙනකු ද, බිබිල ප්‍රදේශයෙන් තුන් දෙනකු ද,වැල්ලවායෙන් දෙදෙනකු ද, මොනරාගලින් එක් අයකු ද හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇත.
මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව 530 කි.දැනට නිවෙස්වල නිරෝධායනය වන සංඛ්‍යාව 217කි.

