(නිමල කොඩිතුවක්කු)
අයවැය ආරම්භයේ සිටම ආණ්ඩුවට අරයා, මෙයා එන බවට පුවත් පල වූවත් සිදු වූයේ ආණ්ඩුවේ කිහිප දෙනෙක් සජබය සමග සන්ධාන ගත වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා කොළඹදී පැවසීය.
එහෙම කෙනෙක් ආණ්ඩුවට එක්වන්නේනම් ඔහුට දෙවියන්ගේ පහිටයි යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාව සමග සිටින කිසිදු මහජන නියෝජිතයෙකුයට මෙවර අයවැයට පක්සව ඡන්දය දිය නොහැකි බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසීය.
රටේ ආර්ථික තත්වයත් එක්ක ජනතාව මොනතරම් අපහසුතාවයකට පත් ව ඇත්දැයි අද වන විට පාලකයන්ට අමතකව ගොස් ඇතැයිද මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් කීවේය.

