පෝලිම් පමණි තෙල් නැත ගැනුමට ඇවිද
යාමට පාසලට මගකුත් නැති වුවද
වෙහෙසෙන දරු පැටවුනගෙ සිප් සත ගැන නිබඳ
මේ වැනි දිසාපාමොක්ලා කොහි වෙයිද?
පද : ආරියසේන හඳුවල
(පියදාස සමරවීර)
උග්‍ර පෙට්‍ල් හිඟය නිසා පාසල් යාමට ප්‍රවාහන පහසුකම් නොමැති සිසු දරුවන් සමග කිලෝමීටර 15 - 16 අත්ට්‍රැක්ටරය පදවාගෙන පාසල් යන ගුරුවරයකු පදවිය මෛත්‍රිපුරින් අපට 20 දා අනාවරණය විය.
පදවිය ඩී 10 මෛත්‍රීපුර පදිංචිව කිලෝමීටර 16 ක් දුරින් පිහිටි අලිවංගුව අභයරාජ ප්‍රාථමික විදුහලේ සේවය කරන උපුල් ඒකනායක මහතා මෙම කාර්යයේ නියුතු සිටියි.
ඩී 10 ගමේ අලිවංගුව අභයරාජ ප්‍රාථමිකයේ හා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 20-25 ක් පමණ අත් ට්‍රැක්ටරයේ නංවාගෙන පාසල බලා පිටත් වෙයි.
"ඇත්තටම මම වෙනදා පාසල් ගියේ යතුරූපැදියෙන්. නමුත් කාලයක් තිස්සෙම පදවියේ පෙට්‍ල් නෑ. ඉතින් පාසල් යන්න ක්‍රමයක් නෑ.අපේ ගමේ දරුවන් 25 ක් විතර අලිවංගුව පාසල් දෙකට යනවා. ප්‍රාථමික වගේම ඉහල පංතිවල ළමයි ඉන්නවා.
අත් ට්‍රැක්ටරයේ එන්ජිම එක්කෙනකුගෙන් හා ට්‍රේලරය තවත් අයකුගෙන් ඉල්ලා ගත්තා.මොකද ඩීසල් ටිකක් තිබුණා.ඉතින් මාපියන්ගේ කැමැත්ත ඇතිව දරුවන් රැගෙන, මමත් උගන්වන්න යන්නේ අත් ටැක්ටරයේ.මොන බාධක මැද හරි අපි අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යූතුය යැයි ද උපුල් ඒකනායක මහතා පැවසීය.