මේ බෙදෙන්නට කාලය නොවේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ බෙදෙන්නට කාලයක් නොව සියලු මන්ත්‍රීවරුන් එකතු වන්නට කාලය යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 බෙදුනොත් ජනතාවට විය යුතු යුතුකම් ඉටු කරන්නට නොහැකි වන බව ද නියෝජ්‍ය කතානායක වරයා කීය.

නියෝජ්‍ය කථානායක ධුරයට පත්වීමෙන් පසු සභාව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:-

අද තීරණාත්මක සහ මුළු මහත් මුළුමහත් රටම කතා කරන දිනයක් බවට අද පත්වුණා.

පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් නොදුන් සැමට මගේ ස්තුතිය පළ කරනවා. අදින් පසුව මම පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනාගේ නියෝජ්‍ය කථන කතානායක වරයායි. ඒ සියලුම දෙනාට එක වගේම කටයුතු කළ යුතුව තිබෙනවා.