(ඩයනා උදයංගනී)
පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම්දීමක් කර ඇත.
පවතින ආරක්ෂක තත්ත්වය සහ දැනට ලැබී ඇති ආරක්‍ෂක තොරතුරු අනුව සෙනසුරාදා 4 සහ ඉරිදා 5 තවත් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බව වාර්තා වන නිසා ඉරිදා දේව මෙහෙයන් සියල්ල අවලංගු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් උපදෙස් දී ඇති බව අගදරගුරුතුමන්ගේ මාධ්‍ය අංශය පවසයි.

