
(රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සදහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වීය.
මහනුවර සිට නානුඔය දක්වා අද දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රු.6000කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර ලබා ගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් දුම්රිය මැදිරිවලට ඇතුලු කර නොගැනීම හේතුවෙන් එම විදේශිකයෝ දැඩි ලෙස පීඩාවට පත් වී සිටියහ.
ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ ඇතුම් තැරැව්කරුවන් ශ්‍රී ලාංකික හැදුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඕඩිසි දුම්රියෙන් ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරිමේ ජාවාරම නතර කිරිම සදහා දුම්රිය සාමාන්‍යාධිකාරි වාණිජ ඩබ්ලිව්.ඩි. රංජිත් පද්මලාල් මහතා විසින් විසින් ජූලි මස 30 වන දින චක්‍රලේඛණයක්ද, උපදෙස් මාලාවක්ද නිකුත්කර තිබුණි.


