මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේ අරඹයි


(වසන්ත චන්ද්‍රපාල, යු විජේසිංහ,සහ කුමාර සී.ලියනආරච්චි පොතුවිල් මුහුදු මහා විහාරයේ සිට)

අර්බුදයට ලක්ව ඇති මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පොරොන්දු වු බව පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ පැවසුහ.

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ඉඩම් සම්බන්දයෙන් පැනනැගි ඇති ගැටළු පිලිබදව සොයා බැලිමට සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජිත නන්දන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා සහ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ අතිරේක මැනුම් අධ්‍යක්ෂක ඒ.දිසානායක යන මහත්වරුන් ඉකුත් 27 දින මුහුදු මහා විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති වරාකාපොළ ඉන්දසිරි හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

එම අවස්ථාවේදි නිළධාරින් සහ පොතුවිල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ හමුවි පැය තුනක පමණ කාලයක් මෙම ගැටළු පිළිබද සාකච්ඡා කරනු ලැබිය.

ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලන පැරණි සෙල්ලිපි මගින් එහි අන්‍යතාවය නිස්චිත වශයෙන් කිව හැකී සාධක රැසක් ඇති මුහුදු මහා විහාරස්ථානය වර්තමානයෙදි ලබා දී ඇති නිර්දේශ මත 1952 ගැසට් පත්‍රය සදහන් පරිදි අක්කර 72 රූඩ් 3 පචස් 37 භූමි ප්‍රමානයක් විහාරස්ථානයට හිමි බවත් ඇතැම් පුද්ගලයන් විසින් අනවසරයෙන් පදිංචිව සිටින බවත් විහාරස්ථානයට මෙම භූමි ප්‍රමාණය නීතියානු කුලව හිමිව තිබෙන බැවින් එම ගැසට් පත්‍රය තවමත් බලාත්මක බැවින්ද එම ගැසට් පත්‍රයට අදාල ඉඩම් විහාරස්ථානයට ලබාදිමට කටයුතු කරන ලෙස පොතුවිල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ මෙහිදි සදහන් කරන ලදි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ‍සෙනරත් දිසානායක මහතා විසින් මාධ්‍යට කරුණු පැහැදිලි කරන ලදි.

එහිදි කඩිනමින් මුහුදු මහා විහාරස්ථානයට අයත් ඉඩම් හදුනා ගැනිමට කටයුතු කරන බවත් සතියක් ඇතුලත කැනිම් කටයුතු සිදු කිරිමට අවශ්‍ය කටයුතු කරනු ලබන බවත් පැවසිය.

මෙම ගැටලුව විසදිමට මෙතෙක් ප්‍රමාද වුයේ පසුගිය රජයන් සමයේ රාජ්‍ය මැදිහත්විමක් නොමැති නිසා බවද කීය.

අද වෙනවිට රජයේ මැදිහත්විම තිබෙන නිසා මෙම ගැටලුව විසිදිමට පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට හැකියාව පවතින බවද පැවසිය.