මුහුදින් ඇල්ලූ කුඩු තංගල්ලට


(චන්ද්‍රසේන ගමගේ)

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව දකුණු මුහුදු තීරයේදී මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් ධීවරයාත්‍රාව හා සැකකරුවන් හය දෙනෙකු  තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

මෙම ධීවර යාත්‍රාවේ අයිස් හා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් නවීන පන්නයේ භාවිතා නොකළ ගිනි අවි දෙකක් තිබූ බවත් නාවික හමුදාව පවසයි.

අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණයේ වීදි වටිනාකම රුපියල් කෝටි 400 ක් පමණ වේ යයිද නාවික හමුදාව කියයි.

මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තංගල්ල දෙවිනුවර හා කල්පිටියේ පදිංචිකරුවන් බවද නාවික හමුදාව කීහ.මෙම ධීවරයාත්‍රාව මීගමුවෙන් මුහුදු ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

අත්අඩංගුවටගත් මත්කුඩු පිළිබඳව කරුණු විමසා බැලීම සඳහා නාවික හමුදාපතිවරයා හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ද සහභාගි වූහ.