(ඩයනා උදයංගනී)
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම පනතෙහි ඇතැම් විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාව හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන් ඉදිරිපත් කර ඇති අදහස් සළකා බලා මෙම තීරණය ගෙන ඇත.
තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ඒ.එච්.එම්. හලීම් මහතා, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියට ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එම පනතෙහි ඇති මුස්ලිම් ජනතාවගේ විවාහ විය යුතු වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම ආදී කරුණු සංශෝධනය සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට නියමිතය.

