(නිමන්ති රණසිංහ)
කොවිඩ් මර්දන එන්නත ලබාගත නොහැකිව නිවෙස්වල සිටින ආබාධිත හෝ වයස්ගත තැනැත්න්ට නිවෙස්වලට හොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලට අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මුල්ලේරියාව ප්‍රදේශයේ දී එන්නත්කරණය වැඩසටහනක් අද (25) ආරම්භ කළේය.
මුල්ලේරියාව පොලීසිය සමග එක්වී සිදුකරනු ලැබූ මෙම එන්නත් වැඩසටහනට අනුව ප්‍රදේශයේ ජීවත්වන එන්නත් ලබා නොගත් පිරිස් 100කට අධික පිරිසකට එන්නත් ලබාදීම සිදුකළ බව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබෙන දුරකතන ඇමතුම්වලින් එක්රැස් කරගත් තොරතුරු අනුව මෙම ප්‍රදේශයේ නිවෙස්වල සිටින ආබාධිත මෙන්ම වයස්ගත පුද්ගලයන් ගණනය කර ගැනීමෙන් පසු මෙලෙස එන්නත් කිරීම් සිදුකරනු ලබන බව ද එම කාර්යාලය සදහන් කරයි.
ඡායාරූපය -: නිවෙස්වල සිටින ආබාධිත හෝ වයස්ගත පුද්ගලයන් වෙත ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඡායාරූපයෙන් දැක්වෙයි.