මුදල් කොමිසමටත් නව සාමාජිකයින් පත්කරයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  මුදල් කොමිෂන් සභාව සඳහා  සාමාජිකයන් පත් කර තිබේ.

මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතායි. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම් කර තිබේ.