
(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ ඇතුළුවීමේ මුදල් අයකැමි කුටියේ රාජකාරී කරමින් සිටි මුදල් අයකැමිවරියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ කොට්ටාව අන්තර් හුවමාරු ඒකකයේ රාජකාරීයේදී සිටි කොස්තාපල්වරයෙකි.
අතවරයට ලක්වූ කාන්තාව විසින් හෝමාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වැඩතහනම ලක් කළ බව අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

