මුඛ ආවරණ නැතිව වෙළදාම් කළ 40 ක් අත්අඩංගුවට


( බී .ජානක)

මුඛ ආවරණ නොමැතිව  පිටකොටුවේ වෙළදාමේ යෙදුණු වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් 40 ක් අද (17) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.

පිටකොටුව පොලිස් වසමේ  ඕල්කට් මාවත, 3 සහ 4 වන හරස් වීදිය, හෙට්ටිවීදිය, යන ප්‍රදේශ වලින් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් මුඛ ආවරණ නිසියාකාරව නොපැලදි සහ මුඛ ආවරණ නොමැතිව වෙළදාමෙහි යෙදුණු  වෙළෙන්දන් සහ පාරිභෝගිකයන්  හතලිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් තිස් පස් දෙනෙකු මුඛ ආවරණය නිසියාකාරව නොපැලද සිටීම හේතුවෙන් පොලිසිය දැඩි ලෙස ඔවුන්ට අවවාද කොට මුදා හල අතර මුඛ ආවරණ සන්තකයේ නොතිබූ පස් දෙනෙකුට නිරෝධායන නීති උල්ලංගනය කිරීම යටතේ  නඩු පැවරීමට කටයුතු කරන බව ද පිටකොටුව පොලිසිය කියයි.