
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සෘජු ආධාර වැඩසටහන් ප්‍රධානයන් හරහා ඉමේස් පදනම විසින් "බි" වේද ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර යටතේ බණ්ඩාරගම කොළමැදිරිය යකන් දූව වත්ත කාන්තාවන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ සහ පුහුණුව ලබා දී මී මැසි පාලනය සඳහා යොමුකෙරිණි
එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය අද (8) කොළ මැදිරිය යකන් දූව වත්ත ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව ආරක්ෂිත ඇඳුමකින් සැරසී මී මැසි කලයකින් සජීවීව මී මැසි පෙට්ටියකට පෙට්ටිගත කිරීම නිරීක්ෂණය කළ අතර අග්‍රාණ්ඩුකාරවරිය එහිදී මී වදයක රස බැලීමටද අමතක නොකළාය.




