මිහින්තලා භූමිය 24 පැයේම ආලෝකවත් කරන්න පියවර


(අංජුල මහීක වීරරත්න) 

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. 

ඊට අමතරව අනුරාධපුර අටමස්ථානයම රාත්‍රී කාලය පුරාවට ආලෝකවත් කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අවශ්‍ය කටයුතු යොදා පවති.

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම ආලෝකවත් කිරිමට අදාළ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ .

ඉහත කැබිනට්  පත්‍රිකාවට අනුමැතිය හිමිවීමත් සමගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති ලෙකෝ සමාගම මගින් ඉහත පූජනීය ස්ථාන 2 ක සඳහා විදුලි ආලෝකය සපයනු ලබයි.

අටමස්ථානයට අයත් ජයසිරි මහ බෝධිය , රුවන්මැලි සෑය, ථූපාරාම, ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය,  ලෝවාමහාපාය, ලංකාරාමය යන පූජනීය ස්ථාන රාත්‍රී කාලයේ ආලෝකවත් කිරිම මගින් ඓතිහාසික මිහින්තලයට පැමිණෙන සංචාරකයන්ට මුළු රාත්‍රියෙහිම වුවද අටමස්ථානය දැක බලා ගැනීමට හැකිවන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

ඓතිහාසික මිහින්තලා පූජා භූමිය  හා අටමස්ථානය රාත්‍රිය පුරා ආලෝකවත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද අමාත්‍යවරයා කීවේය.