මිරිහාන පිහිණුම් තටාක සිද්දියට හතක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් අය අතර ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරු දෙදෙනකු ,පෙර පාසල් සේවිකාවක හා පිහිනුම් උපදේශකයින් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි.

මියගිය දරුවා පුද්ගලික පෙර පාසලක අධ්‍යාපන ලබන අතර ඉකුත් අටවෙනි දින පාසලේ දරුවන් කණ්ඩායමක්  පුහුණුකරුවකු යටතේ එම හෝටලයේ පිහිනුම් කටයුතු සිදු කරමින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දරුවා දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.