(තිලකරත්න දිසානායක සහ කීර්ති ප්‍රනාන්දු.)
මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළු හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස් නිලධාරිනියන් සිව් දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු මෙලෙස ඇතුලත් කර ඇත.
සැක සහිත රෝග ලක්ෂණ පැවතීම මත වාට්ටුවලට ඇතුළත් කොට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.

