මිනිස් ජාවාරමට සහය දුන් තෙවැනි ලේකම් අත්අඩංගුවට ගන්නවා


(යොහාන් භාසුර)

මිනිස් ජාවාරමට සම්බන්ධ යැයි චෝදනාවට වැඩ තහනමට ලක්ව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි වාහාම අත්අඩංගුවට ගැනීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් අදාල චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.