(ක.ග.කරුණාරත්න)
හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක වන චන්‍ද්‍රසිරි සූරියආරච්චි මහතා සැකපිට අද(30) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් පෙන්වා මරණ බවට තර්ජනය කර, වාහන 4කට පහරදී අලාභ හානි කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන කිරීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය ඇමතිවරයාඅත්අඩංගුවටගෙන තිබේ.
පොළොන්නරුව ඇතුමල්පිටිය ප‍්‍රදේශයේ සහල් මෝල් ව්‍යාපාරිකයෙකු විසින් මෙම පැමිණිල්ල කරන ලදී.
පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

