මිදිගම හෝටල් හිමියා ඝාතනයට දෙදෙනෙක් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

මිදිගම සංචාරක හෝටල් හිමියෙකු සිය හෝටලය ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වැලිගම දී විශේෂ කාර්ය බලකායේ දකුණු පලාත් විශේෂ විමර්ශන ඒකකය විසින්  අත්අඩංගුවට ගනු ලැබුහ.

සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 13 ට අධික ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 සංචාරක හෝටල් හිමියකු වන දොඩම්ගොඩ ගේ පසිඳු සඳරුවන් (31) යන අය  ඉකුත් වූ (29) හෝටලය ඉදිරිපිට සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් ඔහු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

නදුන් චින්තක හෙවත් හරක්  ගේ ගෝලයන් විසින් මෙම තැබීම සිදුකර සිදුකර පලා ගිය බවට තොරතුරු හෙළිව ඇත.