මිද්දෙණිය පිය පුතු දියණිය ඝාතනය උණ්ඩ දුන් පී.සී මාට්ටු


(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)

මිද්දෙනිය ගල්පොත්තයායේදී පිය පුතු සහ දියණියගේ ඝාතකයන්ට  උණ්ඩ  ලබා දුන් බව කියන වීරකැටිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලීසිය කියයි.

අත් අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙනිය පල්ලෙ ජූලම්පිටියේ පදිංචිව සිටින අයෙකි.

අත් අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රැදවුම් නියෝගයක් ඉල්ලීමට නියමිතයි.