අවසන් වසරේ නීති ශිෂ්‍යයකු වන මිගර ගුණරත්න මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පෑලියගොඩ පොලිසියට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහය සහ වධහිංසා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

