මැනිං වෙළෙඳපොල තවත් සතියක් වසා දැමීමට යයි


(විනීතා එම් ගමගේ)
 
මැනිං වෙළදපොළ මේ මස 22 දා විවෘත කිරීමට නියමිතව තිබුණත් තවත් සතියක් එම වෙළදෙපොල වසා තැබීමට නියමිතව ඇතැයි එහි වෛද්‍ය සංගමය කියයි.
 
මේ හේතුවෙන් දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළදපොල වෙත රැගෙන ගොස් අලෙවිකරන සියලූම ගොවි හා වෙළද මහතුන් නැවත දැනුම් දෙන තුරු තම නිෂ්පාදන මීගොඩ නාරාහේන්පිට රත්මාලාන වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලින් එකකට තම එළවළු හා පළතුරු රැගෙන යන ලෙස දැනුම් දෙන බව ද එම සංගමය කියයි.
 
එමෙන්ම මැනිං වෙළද පොලින් එළවළු හා පළතුරු මිල දී ගන්නා වෙළද මහතුන් එම මිල දී ගැනීම් සදහා ඉහතින් සදහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන්නැයි ද එම සංගමය ඉල්ලා සිටියි.
 
එමෙන්ම මෙසේ වෙළද පොල වසා තැබීම හේතුවෙන්න එළවළු මහා පළතුරු තොග අපතේ යාමක් සිදුවීමේ අවදානමක් ඇති බැවින් අස්වනු නෙලීම පමා කළ හැකි බෝගයන් ගේ අස්වනු නෙලීම පමා කරන්නැයි ද ගොවිජනතාව වෙත දන්වා ඇත.