(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සදහා පැමිණී පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 10 පසුව පෙට්‍රල් ලීටර 6600 පසුගිය 20 වන දින පැමිණීමත් සමග ඉන්ධන ලබා ගැනීම විශාල පිරිසක් විශාල පිරිසක් සිටියහ.
දින 10කට පමණ ලැබුණු ඉන්ධන තොගය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරිස දැඩි නොසන්සුන් වූ බොහෝදෙනා කලහාකාරී විය.
දින ගණනන් පොලිම්වල රැදී සිට ඉන්ධන නොමැතිව නැවතත් හිස්අතින්ම විශාල පිරිසක් නිවෙස්බලා පිටත්ව ගියහ.