මැදිරිගිරිය සමූපකාර ඉන්ධන හලට චෝදනාවක්


(චාපා මධුභාෂිණි)

මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම් හලේ සේවකයන් හිතවත්කම් මත ඉන්ධන බෙදා හරින බව ඉන්ධන ලබා ගැනීම සඳහා දින අටක් තිස්සේ පොලිම්වල සිටින පිරිස පවසති.

ඉන්ධන ලීටර් හතරක් එහි සේවකයකු  එසේ හොර රහසේ ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ අල්ලා ගත් බව ඉන්ධන පෝලිමේ සිට කාන්තාවක් පැවැසුවාය.

දින අටකින් මැදිරිගිරිය ඉන්ධන හලට ඉන්ධන තොග ලැබී නොමැති අතර දින අටක් තිස්සේ වීශාල පිරිසක් ඉන්ධන පෝලිම්වලට වී සිටිති.

ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් එහි සේවකයක කියා සිටයේ ඉන්ධනහලේ ආරක්ෂාවට සිටින නිළධාරීයකුට නිවෙසට යාම සඳහා ඉන්ධන ටිකක් ලබාදුන් බවයි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා එහි නිළධාරීයකු සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය