මැතිසබේ වලිය සොයන කමිටුව බදාදා රැස්වෙයි


(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටතදී ඉකුත් 21 වැනි දා  ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායකවරයා පත්  කළ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන බදාදා පස්වරු 2.00ට පළමුවරට රැස්වීමට නියමිතය .

එම සිදුවීම් සම්බන්ධයෙන් සාමාජික මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර පූර්ණ විමර්ශනයක් පවත්වා නිර්දේශ කඩිනමින් කතානායක වරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය .

නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ,කෙහෙළිය රඹුක්වැල්ල ,සුසිල් ප්‍රේම ජයන්ත, ඉමිතියාස් බාකිර් මාකර් ,ආචාර්ය රංජිත් බණ්ඩාර,සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරු කටයුතු කරති.

පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටත දී ඇති වූ එම නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉකුත් දා ඉල්ලීමක් කළහ .

කතානායකවරයා මෙම කමිටුව පත් කරනු ලැබුවේ ඉන් පසුවය.මෙලෙස කමිටුවක් පත් කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට ද දැනුම් දුන්නේ