(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සභාගර්භයේ සඟවා තිබී පාස්කු ප්‍රහාරයට අදාල විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවරුවේ සොයා ගනු ලැබීය.
මෙම පුවරු වැඩිදුර විමර්ශන සඳහා එම නිලධාරින් විසින් පොලිසියට පසුව බාර දෙනු ලැබීය.පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු ආරම්භවීමට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පාර්ලිමේන්තු සබා ගර්භය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම පුවරු හමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින පැත්තේ පුටු අතර සඟවා තිබී මෙම පුවරු සොයාගෙන ඇතැයි කියති.මේවා එහි ගෙනාවේ කවුදැයි පොලිසිය සොයා බලාගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය අද(24) ආරම්භ කෙරිණ. මෙම විවාදය හෙට(26) දක්වා දින තුනක් පැවැත්වීමට නියමිතය.විවාදය සඳහා එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි

