(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සහ එහි පිටත පරිශ්‍රයේදී පසුගිය විසි එක් වෙනිදා ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළමුවරට හෙට (28) සවස 3 ට රැස්වීමට නියමිතය.
ජේෂ්ඨ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව පත්කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.
සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ආකාරය සහ විමර්ශන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාමාජික මන්ත්‍රීවරුන් හමුවී අද දිනයේ දීර්ඝව සාකච්ඡා කරන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

