(සුජිත් හේවාජුලිගේ)
විවිධ ප්‍රදේශවල පදිංචි පාර්ලිමේන්තු සේවකයන් විසි දෙනෙකු පමණ ගංවතුර ඇතුළු විවිධ කාලගුණික ආපදාවන්ට ලක්ව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය .
ආපදාවට ලක් වූ සේවකයන් සඳහා සහන සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
මේ අතර කාලගුණ විපතට ලක් වුණු පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු ජනතාවට එහි සෙසු සේවකයන්ගේ දායකත්වයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක්ද අරඹනු ලැබ ඇත.

