(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනෙන ඡන්ද විමසීම පැවැත්වෙන අද (20) දින සියලුම නිලධාරීන්ට සහ සේවකයන්ට සිය ජංගම දුරකතන පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
එසේම පාර්ලිමේන්තු සභාගර්භයේ සේවය කරන සේවකයන් සියලු දෙනා අද(20) දින එම පරිශ්‍රයට පැමිණීමට පෙර පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කිරීමටද තීරණය කර ඇත.
ජනාධිපති තෝරන ඡන්දයේ රහස්‍ය භාවය තහවුරු කිරීම සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තුවේ සහ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද වේත්‍රධාරිවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ අමතර භට කණ්ඩායම් ගණනාවක් කැඳවීමටද පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ඡන්ද විමසීම සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ට සිය පදිංචි ප්‍රදේශයට ආසන්න යුද හමුදා කදවුරෙන් ඉන්ධන ලබා ගැනීමටද අවස්ථාව සලසාදී ඇත.