මැණික් වංචා කළැයි පොලිස් චරිතයට පණ පෙවූ නළුවා සමග නිළියක් අත්අඩංගුවට


කංචන කුමාර ආරියදාස

ටෙලි නාට්‍ය කීපයකට පොලිස් චරිතයට පණ පෙවූ නළුවක් තවත් නිලියක සමග එක්ව නිල් මැණික් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.

වංචා කළ බව කියන නිල් මැණික සහ සුඛෝප භෝගි මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකාර නිලිය පතල් කැනීම සඳහා එම ප්‍රදේශයේ කාන්තාවක් සමග ගිවිසුවක් අත්සන් කර ඇති අතර පතල බලා ගැනීමට ආ පුද්ගලයා වවුනියාව ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයකු ලෙස හඳුන්වා දී ඇතැයි ද පොලිසිය කියයි.

එම පතලෙන් ලැබුණු නිල් මැණිකක් වංචා කළ බවට පතල ක්‍රියාත්මක කළ කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව මෙමසැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත