(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ක්‍රිකට් තරගයක් අතරතුර දී ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි සිසුවා අද රාත්‍රී ප්‍රතිකාර සඳහා නැවතත් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස නැවතත් රෝහල් ගත කරනු ලැබේ ලැබුවේ කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයාය.
කළුතර තිස්ස ජාතික පාසල සහ කළුතර මහා විද්‍යාලය අතර පැවැති එක්දින තරගයේ අවසන් දින කළුතර මහා විද්‍යාලයේ ජය ගැනීමත් සමගම පරාජිත කණ්ඩායමේ නරඹන්නන් පිටියට කඩා බෙදී කලහකාරී ලෙස හැසිරීමත් සමගම දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබිණි.
එහිදී ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්ව තිබූ සිසුවා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර අනතුරුව සි ටි ස්කෑන් පරීක්ෂාවක් සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී රෝහලෙන් මුදා හැරීමෙන් පසුව නිවස වෙත ගොස් තිබිණි.

