
(සුමිත් පොතුපිටිය)
බිග් මැච් එකට ගාලුපාරේ ධජ එල්ලීමට ගොස් සිටී තරුණයකු අඩි 50 ක් පමණ උසැති කොඩි කනුවක් ශරීරය මතට වැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය ජාතික පාසල අතර ලබන 21 සහ 22 යන දෙදින තුල පැවැත්වෙන මැංගුස් සටන වෙනුවෙන් කළුතර විද්‍යාලය ඉදිරිපිට විදුහල් ධජය අඩි 50 ක් පමණ ඉහළට දැමීමට ගිය සිසුවෙකු මෙසේ රෝහල් ගතකර ඇතැයි පොලිසිය කීය.
සිසුන් සියයකට අධික පිරිසක් එක්ව සිට ඇති බවත්, අඩි 50 ක් පමණ උසැති කනුවේ කළුතර විදුහලේ ධජය ගාලුපාරට සහ දුම්රිය මාර්ගයට දර්ශණය වන අයුරින් එසවීමට යාමේදී සමබර තාවය මිදීගොස් ගාලුපාර හරහා වැටී ඇතැයි සදහන් වේ.
කොඩි කනුව බිම පතිතවීමේදී පාර මැද සිටී සිසුවාගේ ශරීරය මතට වැටී ඇතැයි පොලිසිය පවසයි.
දකුණ කකුලේ දණහිසෙන් පහළ කොටසට දැඩි ලෙස හානි සිදුව වම් අතට සුළු තුවාල සිදුව ඇති බවත් රෝහල් ප්‍රකාශකයක් පැවසීය .

