
(අංජුල මහික වීරරත්න)
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තරුණ සංවර්ධන සහ ක්‍රීඩා සංවර්ධන ක්ෂේත්‍රවල දිගුකාලීන සහයෝගීතාව වැඩි දියුණු කිරීම, ඒ සඳහා ව්‍යූහගත රාමුවක් ස්ථාපිත කිරීම, වැඩසටහන්, විශේෂඥතාව, තාක්ෂණික දැනුම සහ ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් හුවමාරු කර ගැනීම තුළින් දෙරටේ තරුණයින් බලගැන්වීම, නායකත්ව සංවර්ධනය, ක්‍රීඩා කාර්යසාධනය සහ ආයතනික සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මාලදිවයින් ජන රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය අතර එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

