
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් මාලක සිල්වා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (11) රාත්‍රීයේ මොහු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සෑම මසකම,දෙවෙනි ඉරුදින හා සිව්වැනි ඉරු දින තලංගම පොලිසියේ පෙනී සිටින ලෙසත් සාක්ෂිකරුවන්ට තර්ජන නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

