(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 4 ක්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.
එසේ ඉල්ලීමක් කළ මානව හිමිකම් සංවිධාන අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය,ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය,මානව හිමිකම් පිළිබඳ ආසියානු සංසදය සහ හියුමන් රයිට්ස් වොච් සංවිධානයද තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ වගවීම අලුත් කරන මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිය යටපත් කරන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා ආමන්ත්‍රණය කරන දැඩි යෝජනවාක් සම්මත කරන ලෙස එම සංවිධාන සාමාජික රටවල් වලින් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථික,දේශපාලනික සහ මානව හිමිකම් අර්බුදයකින් පීඩා විඳින බවත් පසුගිය කාලයේ දුෂණ හා වංචා වලට වගවීම ,ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඉක්මණින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා මහ ජනතාව වීදි වලට පැමිණි බවත් එම සංවිධාන පෙන්වා දී තිබේ.

