(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටින හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුව දුක් විමසීම සඳහා ඔහුගේ නිවසට ගියේය.
"පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි. මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත. අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි. ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා බැහැ කීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.