(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ජානක ගෝමස්)
වයෝවෘද්ධ මහාචාර්ය යුවළකට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පලතුරු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
එම සැකකරු එකී මුදලින් ලක්ෂ කීපයක් වියදම් කර මිලදී ගෙන තිබූ සුඛෝභෝගී ඇඳක් රෙදි සෝදන යන්ත්‍රයක් , ශීතකරණයක් මෙම තවත් විදුලි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
එම මහාචාර්යවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු බවත් ඔහුගේ බිරිඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිවරියක බව පොලිසිය සඳහන් කරයි.
මහාචාර්යවරයා 88 හැවිරිදිය .