මහාචාර්ය ධම්මික ගංගානාත් සමුගනී



 

(ඩයනා උදයංගනී)

ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා වශයෙන් ද කෙටි කළක් කටයුතු කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිට ඇති අතර ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ද ජපානයේ විශ්ව විද්‍යාලයකිනි.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.