මහා රළකින් කෝටි ගණනක බෝට්ටු විනාශයි


(සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)

බළපිටිය හරස්පොළ ධීවර තොටුපොළට අද (14) උදේ ආ හදිසි රළපහරක් නිසා එම ධීවර තොටු පොලේ ගාල් කර තිබූ මෝටර් බෝට්ටු විස්සක් පමණ මුලුමනින්ම විනාශවී ගොස් තිබේ.

කවදාවත්ම මෙවැනි රැල්ලක් සිය තොටුපොළට පැමිණ නැතැයි   ධීවරයෝ පැවසූහ. මේ හානියෙන් තමන්ට රුපියල් කෝටි ගණනක හානියක් සිදුව ඇති බවද ඔවුහු කියති.