මහවැලි ඉඩම්වලටත් ’’උරුමය’’ දෙන්න යයි


(අංජුල මහික වීරරත්න)

මහවැලි ඉඩම් සඳහා ද උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම් වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ජනතාවට ලබා දී ඇති ඉඩම් ද අදාල කර ගැනීමට නියමිතය.

ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට අනුගතව මහ වැලි  ඉඩම් වලට උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.