
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (3) පස්වරු 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බවත් එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

