මහනුවර පැත්තකට හෙට වතුර කපයි


(ෂේන් සෙනෙවිරත්න)

විසල් මහනුවර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (14) පෙරවරු 10.00 සිට අනිද්දා (15) පෙරවරු 6.00 දක්වා මහනුවර මහ නගර සභා සීමාවේ ස්ථාන රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව මහනුවර නාගරික කොමසාරිස්වරිය දැනුම්දෙයි.

ඒ අනුව මාපනාවතුර, වට්ටාරන්තැන්න, කුඩා රත්වත්ත මාවත, කටුගස්තොට, යටිවාවල, ගාලෙවත්ත, කහල්ල, සියඹලාගස්තැන්න, අරුප්පොල, වටපුළුව, මාවිල්මඩ, ලේවැල්ල, මහයියාව, නිත්තවෙල, පිටකන්ද, පූර්ණවත්ත සහ කටුගස්තොට පාර යන ප්‍රදේශවලට එසේ ජල සැපයුම අත්හිටුවන බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය දැනුම්දෙයි.